Sunday, September 22, 2024

General line - 0115112241

බැඳුම්කර ගනුදෙනුව ගැන විවාදයක් ඉල්ලයි




මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටුව අද (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් විශේෂ විවාදයක් ලබාදෙන්නැයි ඒකාබද්ධ විපක්ෂය, ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මෙම ඉල්ලීම කළේ කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති එම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවට වගකිව යුතු බව අද ඉදිරිපත් කෙරුණු වාර්තාවේ සඳහන්.

මෙම ගනුදෙනුවේ දී කටයුතු කළ ආකාරයෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ විශ්වසනීයත්වය පළුදු වී ඇති බව ද කෝප් කමිටුව සිය නිරීක්ෂණයන් මගින් පෙන්වා දී තිබෙනවා.

සිදුව ඇති අලාභයන් වගකිව යුතු පාර්ශවවලින් අයකර ගත යුතු බව ද එම නිර්දේශවලට ඇතුළත්.