Sunday, September 22, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය සුවිශේෂ කොමිසමක් ඉල්ලයි




කෝප් කමිටුවේ වාර්තාව නිකුත් වීමෙන් පසු ඒකාබද්ධ විපක්ෂය ද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මාධ්‍ය හමුවක් පැවැත්වූවා.

එහි දී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ මෙම වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට සුවිශේෂි කොමිසමක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

“මෙය බරපතල වංචාවක් බවට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරලා තියෙන වාර්තාවෙන් කියවෙනවා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අපි කියනවා මේ බරපතල තත්ත්වය දැන් හෙළිදරව් වී හමාරයි. මේ පිළිබඳව විවෘත ආයාචනයක් කරනවා‍, ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපති සුවිශේෂී කොමිසම් සභාවක් මේ ගැන කටයුතු කිරීමට හා නීත්‍යානූකූලව පියවර ගැනීමට පත්කරන්න කියලා”.