Sunday, September 22, 2024

General line - 0115112241

නීතිඥයින් පැකිළෙනවලු




යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් නිලධාරීන්ට එරෙහි නඩුව අනුරාධපුර අධිකරණයට මාරු කරන ලෙස පිවිතුරු හෙළ උරුමය නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පෙන්වා දෙන්නේ එම පොලිස් නිලධාරීන්ව යාපනයට රැගෙන යෑම හරහා අනාරක්ෂිත තත්ත්වයක් මතු වෙන බවයි. යාපනයේ මතුව ඇති කලහකාරී තත්ත්වය නිසා එහි සිටින කිසිඳු නීතිඥයෙක් මෙම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට පැකිලෙන බවත් සඳහන් කළා.