Sunday, September 22, 2024

General line - 0115112241

යාපනය සරසවි සිසුන් එකවර ජනපති අගමැති සහ විපක්ෂනායක හමුවෙයි




යාපනය විශ්ව විද්‍යාලයේ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් අද (31) එහි ගිය අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ, අමාත්‍යවරයාට විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට සිසුන් විසින් ඉඩ නොදීම හේතුවෙන්. කෙසේ වෙතත් පොලිසිය මැදිහත් වී දැඩි පරිශ‍්‍රමයකින් පසු අමාත්‍යවරයාට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය හා සිසුන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් උදා වුණා.

එහිදී තීරණය වී ඇත්තේ හෙට (01) දහවල් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, විපක්ෂ නායකවරයාත් එකවර හමුවීමට සිසුන්ට අවස්ථාව ලබාදීමටයි. මෙම තීරණයෙන් පසුව සිසුන් විසින් දියත් කරනු ලැබූ විරෝධතාව අවසන් කළ බවයි අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මෙම සාකච්ඡාව සඳහා සහභාගි වන විශ්ව විද්‍යාල පාලනාධිකාරියේ සහ ශිෂ්‍ය නියෝජිතයින්ගේ කණ්ඩායමක් ද මේ වන විටත් නම් කර අවසන්. යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් අද උදෑසන සිට මෙලෙස විරෝධතාවක් ආරම්භ කළේ මියගිය සිසුන් වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන ලෙසට බලකරමින්.