Sunday, September 22, 2024

General line - 0115112241

විත්තිකරුවන් නැතිව නඩුව විභාගයට




යාපනය දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ්ගේ ඝාතනයට අදාළ නඩුව විශේෂ ජූරි සභාවක් ඉදිරියේ නොවැම්බර් මස 21 වෙනිදා සිට දිනපතා විභාගයට ගැනීමට අද (31) නියම කෙරුණා.

ඒ, සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි. ඒ අනුව ජූරි සභාව සඳහා සභිකයින් 7 දෙනෙකු මෙහිදී තෝරා ගැනුණා.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනු කරනු ලැබුවා.

කෙසේ වෙතත් මේ වන විට අධිකරණයේ පෙනී සිටින්නේ එම විත්තිකරුවන්ගෙන් තිදෙනෙකු පමණයි. අධිකරණය මගහරිමින් සිටින සෙසු විත්තිකරුවන් නොමැතිව නඩුව විභාගයට ගැනීමටයි තීරණය කර ඇත්තේ. නඩරාජා රවිරාජ් හිටපු මන්ත‍්‍රීවරයා සහ ඔහුගේ රියදුරා වෙඩි තබා ඝාතනය කෙරුණේ 2006 වර්ෂයේදීයි.