Sunday, September 22, 2024

General line - 0115112241

කටාර් ගුවන් සමාගම මගීන්ට කොකා පෙන්වයි – 300 ක් කටුනායක




දෝහ කටාර් බලා යාමට පැමිණි 300 කට අධික පිරිසක් අද (31) පෙරවරුවේ සිට මේ මොහොත දක්වා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටිනවා.

ඊට හේතු වී ඇත්තේ ඔවුන් ගමන් ගැනීමට තිබූ කටාර් ගුවන් සේවයට අයත් යානය කාර්මික දෝෂයකට ලක්වීමයි. මෙම ගුවන් යානය පෙරවරු 10.50ට පමණ දෝහ කටාර් බලා පියාසර කිරීමට නියමිතව තිබුණා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මෙම යානයෙන් දෝහ කටාර් බලා යාමට පැමිණි පිරිස වෙත වෙනත් ගුවන් යානයක් ලබාදීමක් හෝ හෝටල් පහසුකම් ලබාදීමක් මෙතෙක් සිදුව නොමැති බවයි.

මේ හේතුවෙන් ගුවන් තොටුපොළේ කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බවටයි පැවසෙන්නේ.

ගුවන් තොටුපොළේ තවමත් රැඳීසිටින ගුවන් මගියෙකු නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ගුවන් යානය ප්‍රමාද වෙන බව දැනුම් දුන්නේද පැය එකහමාරක් පමණ ගත වූ පසුව බවයි. අදාළ ගුවන් සමාගමේ නොසැලකිල්ල හේතුවෙන් මගීන් දැඩි පීඩාවට පත්ව ඇති බවත් පැවසුවා.