Sunday, September 22, 2024

General line - 0115112241

පුතාගේ මරණයෙන් වාසි ගන්න එපා – යාපනයේදී මියගිය සරසවි සිසුවාගේ මව කියයි




තම පුත‍්‍රයාගේ මරණය විවිධ අරමුණු වෙනුවෙන් යොදා ගැනීමට ඇතැමුන් උත්සහ දරන බව පසුගිය දා මියගිය යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නඩරාසා කජන්ගේ මව වන නඩරාජා සරෝජනී පවසනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ තම පුත‍්‍රයා හෝ තමන් කිසිදු සංවිධානයකට සම්බන්ධ නොමැති බවයි.

තම පුත‍්‍රයාගේ මරණය පිළිබඳ පොලිසිය සහ අදාළ ආයතන සාධාරණ පරීක්ෂණයක් පවත්වා නීතිය ක‍්‍රියාත්මක කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

(එම හඬපටය පහතින් දැක්වෙයි)