Sunday, September 8, 2024

General line - 0115112241

අමරදේවයන් වෙනුවෙන් ‘මේවා‘ කරන්න – රජය ජනතාවගෙන් ඉල්ලයි




අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව සූරීන්ගේ දේහය අද පෙරවරු 10.00 සිට මහජන ගෞරවය සඳහා කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කර තැඛෙනවා.

දැනට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් ඇති එතුමන්ගේ දේහය විශේෂ රිය පෙරහැරකින් පෙරවරු 9.00ට නිදහස් චතුරශ්‍රය දක්වා රැගෙන යාමට නියමිතයි.

පෙරවරු 10.00 සිට පසුදින පස්වරු 3.00 දක්වා අමරදේවයන්ගේ දේහයට ගෞරව දැක්වීමට ජනතාවට අවස්ථාව සලසා දී ඇති බවයි ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් පැවසුවේ.

ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව සූරීන්ගේ අභාවයත් සමග ඊයේ සිට දින 7ක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත්කෙරුණා.

ඒ වෙනුවෙන් සෑම නිවසකම සුදුකොඩි ඔසවන ලෙසත්, සෑම රාජ්‍ය ආයතනයකම ජාතික ධජය අඩකුඹු කරන ලෙසත් රජය ඉල්ලීමක් කරනවා.

මේ අතර අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ ශල්‍යකර්ම සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගෙවිය යුතු මුදල රජය විසින් ගෙවීමට තීරණය කර තිඛෙනවා.

ඒ අනුව රුපියල් හාර ලක්ෂ හැට නවදහසක මුදලක් අමරදේව මහතාගේ පවුලේ සාමාජිකයින්ගෙන් අය නොකර රජය විසින් ලබාදීමට තීරණය කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ.