Sunday, September 8, 2024

General line - 0115112241

තිස්සට ඇපත් නෑ




රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගේ ඇප අයදුමක් කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ලේඛනයකට ඇතුළත් කර ඉකුත් ජනාධිපතිවරණය සමයේදී මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමෙන් ජාතීන් අතර වාර්ගික වෛරයක් ඇති කිරීමට උත්සහ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

සුවිශේෂ කරුණු මත තිස්ස අත්තනායකට ඇප ලබාදෙන්නැයි ඔහුගේ නීතිඥවරුන් මෝසමක් මගින් කොළඹ මහාධකරණයෙන් ඊයේ ඉල්ලා සිටියා. එහෙත් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන කියා සිටියේ මෙම මෝසම සමග දක්වා ඇති දිවුරුම් ප්‍රකාශයේ අසත්‍ය කරුණු ඇතුළත් වන බවයි.

එමගින් අධිකරණය නොමග යැවීමට උත්සහ කර ඇතැයිද ඇප ලබාදීමට තරම් සුවිශේෂ කරුණු නොමැති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. අදාළ ඇප අයදුම් ප්‍රතික්ෂේප කෙරුණේ ඒ අනුවයි. තිස්ස අත්තනායක හිටපු මන්ත්‍රීවරයා ලබන දෙසැම්බර් 5 වෙනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.