Saturday, September 21, 2024

General line - 0115112241

නාගදීපයේ ඉදිකෙරෙන බුද්ධ ප්‍රතිමාව ගැන උතුරේ ආණ්ඩුකාරවරයාගෙන් අලුත් ප්‍රකාශයක්




මතභේදයට ලක්ව තිඛෙන නාගදීප විහාරස්ථානයේ අලූතින් ඉදිකෙරෙන බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මාධ්‍ය වෙත කරුණු දැක්වීමක් කළා.

ඒ, ඇතැම් පාර්ශ්ව මෙම බුද්ධ ප්‍රතිමාව යොදාගනිමින් අනවශ්‍ය ගැටුමක් ඇති කිරීමට උත්සහ කරන බවද පවසමින්.

නාගදීපයේ බුද්ධ ප්‍රතිමාව සෑදිම තහනම් කළ බව දකුණේ මාධ්‍ය වාර්තා කළ බවත්, කෝවිල වැසෙන පරිදි නාගදීපයේ බුද්ධ ප්‍රතිමාවක් තැනෙන බව උතුරේ මාධ්‍ය වාර්තා කර තිබූ බවත් ආණ්ඩුකාරවරයා පැවසුවා.

නමුත් මෙය සාවද්‍ය බවත් දිසාපතිවරයා නාගදීපයේ හාමුදුරුවන්ට ලියුමක් යවා ඇති බවත් මෙම බුද්ධ ප්‍රතිමාව ඉදිකිරීමට පෙර වෙරළ සංරක්ෂණයෙන් අවසරා ලබාගන්නා ලෙස පමණක් පවසා ඇති බවත්,මෙම බුද්ධ ප්‍රතිමාව නිසා කෝවිල නොවැසෙන බවත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළා.

මේ අතර උතුරු නැගෙනහිර අභාවයට ගොස් තිඛෙන වෙහෙර විහාරස්ථාන පිළිසකර කිරීමට දිරිය නෙත් සමාජ සත්කාරය මේ වන විට පෙරට පැමිණ සිටිනවා. ඒ සඳහා දායකවීමට ඔබට ද දැන් අවස්ථාව විවෘතයි. දායක මුදල් සම්පත් බැංකුවේ බොරැල්ල ශාඛාවේ දිරිය නෙත් ගිණුමට බැර කළ යුතු වනවා. ගිණුම් අංකය 000 460 002 117. එම ගිණුම් අංකය නැවතත් 000 460 002 117.