Friday, May 3, 2024

General line - 0115112241

අධික වර්ෂාවෙන් පුත්තලමේ ලුණු සේදෙයි (PHOTOS)




පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට නොකඩවා ඇදහැලුන ධාරාණිපත අධික වර්ෂාපතනය හේතුවෙන් පුත්තලමේ ලුණු කර්මාන්ත කරුවන්ට සෘජු බාධා එල්ලවී ඇති බවට ඔවුන් මැසිවිලි නගනවා.

ආනකුත්තුව, සේවන්තිව්,මනතිව්,සොල්ටන්, පාලවිය ඇතුළු තවත් ස්ථාන කිහිපයක ලුණු නිෂ්පාදන කටයුතු මෙම වර්ෂාපතනය හේතුවෙන් ඇන හිට ඇති බවයි කර්මාන්ත කරුවන් පෙන්වා දෙන්නේ.

පසු ගිය මාස කිහිපය තුල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා තිබූ දැඩි නියඟයට විරාමයක් දෙමින් ඇදහැලුන මෙම වර්ෂාව දැඩි ලෙස බලපා ඇත්තේ ලුණු කර්මාන්තකරුවන්ට බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

නියඟය නිසාවෙන් තම කර්මාන්තය පසු ගිය දිනවලදී ඉහළ වශයෙන්ම ආර්ථික ලාභ ලැබු බවත්, තමන්ට ඉතිරි අස්වැන්න නෙලා ගැනීමට නොහැකි ලෙස මෙලෙස වර්ෂාවෙන් බාධා පැමිණි ඇති බවත් ඔවුන් පවසනවා.

image-www-nethnews-lk00001 image-www-nethnews-lk00002 image-www-nethnews-lk00003 image-www-nethnews-lk00004 image-www-nethnews-lk00005 image-www-nethnews-lk00006