විශාමික ආබාධිත හමුදා සාමාජිකයින් විසින් ඉල්ලුම් කරන ලබන සේවා විශාම වැටුප් ඉල්ලීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ වසර 12කට අඩු සේවා කාලයකින් ආබාධිත තත්ත්වය මත සිය කැමැත්තෙන් සේවයෙන් ඉවත් වූ ආබාධිත රණවිරුවන් ඔවුන් හට සේවා විශාම වැටුපක් ලබාදෙන ලෙසට කරනු ලබන ඉල්ලීම 2008 වසරේ සිට පැවති ඉල්ලීමක් බවයි.
තවද එම ඉල්ලීම පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට ලක්ව මීට මාස 3කට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එය නිරාකරණය කිරීමට තීරණය කර ඇති බවත් , ඒ අනුව නිසි නීතී රෙගුලාසිවලට අනුකූලව සියලු කටයුතු සම්පාදනය කර එය 2017 වසරේ අයවැය යෝජනාවට ඇතුලත් කර ඔවුන් විසින් ඉල්ලුම් කරනු ලබන සේවා විශාම වැටුප අදාල මුදල් ප්‍රතිපාදන වෙන්කර ගැනීමෙන් පසුව 2017 වසරේ සිට ගෙවීම් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට ජනාධිපතිතුමන් විසින් උපදෙස් ලබාදී ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
එම නිවේදනය පහතින් දැක්වේ.