Friday, April 26, 2024

General line - 0115112241

‘‘ආවා’’ කල්ලියේ බවට සැක 6 ක් අත්අඩංගුවට




‘‘ආවා’’ කල්ලියේ බවට සැක කෙරෙන පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරමින් සිටින බව යාපනය පොලීසිය පවසනවා.

ඔවුන්ගෙන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (05) දිනයේයි. එම පිරිසෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලින් පසුවයි තවත් දෙදෙනෙකු යාපනය චුන්නාක්කම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඒ, ඔවුන් නිවසක් තුළ රැදි සිටියදීයි.

මේ අතර උතුරේ ජනජීවිතයට බලපෑම් කරමින් කි‍්‍රයාත්මක ‘‘ආවා’’ කල්ලිය වැනි කණ්ඩායම් වහාම අත්අඩංගුවට ගතයුතු බව ඊ පී ආර් එල් එෆ් පක්‍ෂයේ නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ උතුරු පළාතේ ජනතාවට නිදහසේ ජීවත් විය හැකි වාතාවරණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කළයුතු බවයි.