Friday, April 26, 2024

General line - 0115112241

සරසවි මරණය වෙනුවෙන් සාධාරණය ඉටුකරනවා – සම්බන්ධන්




යාපනයේදී ජීවිතක්‍ෂයට පත් වූ සරසවි සිසුන් වෙනුවෙන් සාධාරණයක් ඉටුකිරිමට කටයුතු කරන බව විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ජීවිතක්‍ෂයට පත් වූ එක් සිසුවෙකු වන වී. සුලක්ෂන්ගේ නිවසට ගොස් ඔහුගේ දෙමව්පියන් අද (06) මුණගැසුනු අවස්ථාවේදීයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම යටතේ සාධාරණ පරීක්‍ෂණයක් සිදුකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවද ආර්. සම්බන්ධන් විපක්‍ෂ නායකවරයා මෙහිදි ප‍්‍රකාශ කර තිබෙනවා.

image-www-nethnews-lk00001 image-www-nethnews-lk00002