Tuesday, April 23, 2024

General line - 0115112241

වැඩබලන පොලිස්පති සී.ඩි වික‍්‍රමරත්න




වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩි වික‍්‍රමරත්න පත්කර තිබෙනවා. ඒ, පොලිස්පති පූජිත් ජයසුන්දර ඉන්දුනිසියාවේ සංචාරයක නිරතවීම හේතුවෙන්.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ හෙට (07) සිට ලබන 10 වනදා දක්වා ඉන්දුනීසියාවේ පැවැත්වෙන 85 වන ජාත්‍යන්තර පොලිස් සමුළුවට සහභාගිවීම සඳහා පොලිස්පතිවරයා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි.

රටවල් 190 ක පොලිස් ප‍්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව පැවැත්වීමට නියමිතයි.