Saturday, September 21, 2024

General line - 0115112241

නෙත් නිවුස් කළ අනාවරණයක් වනජීවී ඇමතිගේ අවධානයට




වනජීවී දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමට නොහැකි වීම හේතුවෙන් අන්තර් ජාලය ඔස්සේ සිදුකෙරෙන වෙන්කරවා ගැනීම් කිසිවක් මේ වන විට සිදුකර ගැනීමට නොහැකි වී තිබෙනවා.

සේවා සහ තොරතුරු ලබාගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ https://dwc.lankagate.gov.lk/ වෙබ් අඩවියට පිවිසීමට ඇති බාධා සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාගේද අවධානය යොමුව තිබෙනවා. ඒ, නෙත් නිවුස් කළ අනාවරණයකින් පසුවයි.

අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා පැවසුවේ මේ සම්බන්ධයෙන් වහාම සොයා බැලීමක් සිදුකරන බවයි. මේ සම්බන්ධයෙන් පැමිණිළි ලැබුණු බවත්, අදාළ පුද්ගලයන්ගෙන් වාර්තාවක්ද ඉල්ලූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

img_5306