Saturday, September 21, 2024

General line - 0115112241

උතුරේ සිදුවීම් රජයට පාලනය කරන්න බැහැ – විග්නේෂ්වරන්




උතුරේ ගැටලු විසඳීම වෙනුවෙන් ඉදිරියේදී ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ හා පොදු රාජ්‍ය මණ්ඩලයේ කටයුතු පිළිබඳ බි‍්‍රතාන්‍ය නියෝජ්‍ය ඇමති ජොයිස් එන්ලි හමුවූ අවස්ථාවේදීයි.

එහිදී විග්නේෂ්වරන් ප‍්‍රකාශ කර ඇත්තේ උතුරු පළාත තුළ සිදුවන සිදුවීම් රජයට පාලනය කරගත නොහැකි තත්ත්වයක් පෙන්නුම් කරන බවයි. ඒවාට ලබාදෙන විසඳුම් ද පිළිගත හැකි ඒවා නොවන බවයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ.

එදා සිට යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ දේශීය යාන්ත‍්‍රණයක් තුළ සිදුවන දේ පිළිගැනීමට සියලූ දෙනා එකඟ නොමැති නිසා බවද ඔහු කියා සිටියා.

මේ අතර බි‍්‍රතාන්‍ය නියෝජ්‍ය ඇමතිවරිය පවසා ඇත්තේ ඉදිරි වසර 3ක කාලය තුළ උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමට බි‍්‍රතාන්‍ය රජයෙන් ස්ටර්ලින් පවුම් මිලියන 1යි දශම 4ක මුදලක් ලබාදෙන බවයි.

uk3-600x450 uk-600x450