Saturday, September 21, 2024

General line - 0115112241

මාදුළුවාවෝ සෝභිත හිමියන්ගේ වර්ෂ පූර්ණය අදයි




අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවෝ සෝභිත හිමියන්ගේ වර්ෂ පූර්ණය අදයි.

ඒ වෙනුවෙන් වූ විශේෂ සමරු උත්සවයක් ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා.

මෙම සමරු උත්සවය සඳහා මහා සංඝරත්නය ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් ද එක්වීමට නියමිතයි.

උන්වහන්සේ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ දී 2015 නොවැම්බර් 8 වන දින අපවත් වුණා.