Saturday, September 21, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකිකයෙකු නවසීලන්තයේදී කඳු මුදුනකින් පනී (VIDEO)




ත්‍රාසජනක ක්‍රීඩා ඉසව්වල නිරතවීම ලෝකයේ බොහෝ රටවල සංචාරකයන් ඉලක්ක කරගත් විනෝදාංශයක් වනවා. විශාල කඳු මුදුන්වල සිට දැවැන්ත ප්‍රපාතවල පිහිටි ගංඟාවලට පැනීම , පැරෂුට් ආධාරයෙන් එවැනි හෙල් මුදුන්වල සිට බිමට පැමිණීම , ස්ප්‍රින් එකක් ආධාරයෙන් උඩක සිට බිමට පැන යළිත් එම ස්ප්‍රින් කේබලය ආධාරයෙන් ඉහළට පැමිණීම ඔබ අන්තර්ජාලය හරහා ඕනෑතරම් දැක ඇති.

තවත් අවස්ථාවක සුවිසල් ගොඩනැගිලි මත සිට ඒ ආකාරයෙන්ම කේබලයක් මාර්ගයෙන් බිමට පැනීම හෝ වෙනත් ගොඩනැගිල්ලකට මාරුවීම ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස සිදුකරන පුද්ගලයන්ගේ වීඩියෝ ද අන්තර්ජාලයේ පවතිනවා.

ශ්‍රී ලංකාව තුළ එවැනි දැවැන්ත මට්ටමේ ත්‍රාසජනක ක්‍රීඩා සිදුකෙරෙන්නේ නැහැ. කිතුල්ගල ආශ්‍රිතව යම් ප්‍රමාණයක ත්‍රාසජනක ක්‍රීඩා සිදුකරත් ඒවා ලෝකයේ වෙනත් රටවල මට්ටමට භයානක වන්නේ නැහැ.

ලොවපුරා ප්‍රචලිත මෙවැනි ත්‍රාසජනක ක්‍රීඩාවල ශ්‍රී ලාංකිකයෙකු නිරත වූ බවටද ප්‍රචලිත වූ තොරතුරු නොමැති තරම්. නමුත් නවසීලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙකු මෙවැනි සුපිරි දක්ෂතාවයක නිරත වූ පුවතක් අපට වාර්තා වුණා. ඔහු නමින් ගිහාන් තරංග අබේවික්‍රමයි. 1984 වසරේ උපන් ඔහු මාතර උයන්වත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂයෙකුද වන ගිහාන් තරංග අබේවික්‍රම මීට පෙරද මෙවැනි ත්‍රාසජනක කටයුතුවල නිරත වී තිබෙනවා. පසුගියදා ඔහු අඩි 500කටත් වඩා උස කඳු මුදුනක සිට ස්ප්‍රින් කේබලයක් මගින් පාතින් ගලායන විශාල ගංගාවක් දෙසට පැනීමක් සිදුකළා. ඊට පෙර අවස්ථාවක නවසීලන්තයේදීම ඔහු විසින් පැරෂුටයක ආධාරයෙන් දැවැන්ත කඳුමුදුනක සිට පහළට පැනීමද සිදුකළා.

වීඩියෝව පහතින් නරඹන්න

gihan-1 gihan-2 gihan-3 gihan-4 gihan-5 gihan-6 gihan-7 gihan-8 gihan-9