Saturday, September 21, 2024

General line - 0115112241

ටිරාන් අලස්ට ඇප




රාඩා ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් ඇප මත මුදාහරින ලෙස අභියාචනාධිකරණය අද (08) නියෝග කළා.

ඒ, ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරමින් කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගය අභියෝගයට ලක්කරමින් ගොනුකරන ලද ප‍්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව ඔහු වහාම ඇප මත මුදාහැරීමට නියෝග කළ අභියාචනාධිකරණය ලබන 10 වෙනිදා පැවැත්වෙන මීළඟ නඩු දිනයේදී මහාධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කෙරුණා.

රාඩා ආයතනයේ රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඉකුත් දා රක්ෂිත බන්ධනාගාරගත කළා.