Saturday, September 21, 2024

General line - 0115112241

දූෂණ විරෝධී පෙරමුණෙන් අල්ලස් කොමිසමට ලිපියක්




මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ අල්ලස් කොමිසමට අද (08) ලිපියක් ඉදිරිපත් කළා.

ඔවුන් මෙම ලිපියේ දක්වා ඇත්තේ බැඳුම්කර ගනුදෙනුවට අදාළව ඉදිරි කි‍්‍රයාමාර්ග කඩිනම් කරන ලෙසයි.

ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ දූෂණ විරෝධී පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක චමීර පෙරේරා පැවසුවේ මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධව අල්ලස් කොමිසමට දැනට ඉදිරිපත්ව තිබෙන පැමිණිල්ලේ විමර්ෂණ අතරමග නතරව තිබීම පිළිබඳව සහ ඒ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම ඉක්මන් කරන ලෙස වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල්වරියගෙන් එමගින් ඉල්ලා සිටි බවයි.