Saturday, September 21, 2024

General line - 0115112241

“උදා වන සූර්යයා” ශ්‍රී ලංකාවේ කතානායකට




ජපන් රජය විසින් ‍අන්තර්ජාතික සම්බන්ධතා, සංස්කෘතික ප්‍රවර්ධනය, සුභසාධනය, සංවර්ධනය යනාදී ක්ෂේත්‍රයන් තුළින් විශිෂ්ඨතම සේවාවක් ඉටු කළ පුද්ගලයන් උදෙසා පුද කරන උසස්ම සම්මානය වන “උදාවන සූර්යයා” ගෞරව සම්මානය කතානායක කරු ජයසූරියට පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

1875 මෙයිජි අධිරාජ සමයේ ස්ථාපනය කරන ලද මෙම සම්මානය පුද කිරීම එතැන් සිට මේ දක්වා අඛණ්ඩව ජපන් රජය විසින් සිදු කර‍නුයේ සිය රටෙන් පිරිනමන උසස්තම සම්මාන පිරිනැමීම ලෙසයි.

දෙවන ලෝක යුද්ධ සමයට පෙර “නැගී එන සූර්යයා” සම්මානය විශිෂ්ඨතම හමුදා නිලධාරීන් උදෙසා පිරිනැමුනු අතර, වර්තමා‍නයේ දී එය අනෙකුත් ක්ෂේත්‍රයන් ද ඇගයීමට ලක් කරනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස ජපානය හා ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශවික සබදතා ප්‍රවර්ධනය කිරීමෙහි ලා ලබා දුන් දායකත්වය පිළිගැනීමට ලක් කිරිමද මෙහි දී සැලකිල්ලට ලක්ව ඇති අතර, ජපන් රජය විසින් එය නිල වශයෙන් නිවේදනය කෙරුණේ 2016-නොවැම්බර් මස 03 වන දායි.

කරු ජයසූරිය දේශපාලනයට පිවිසීමට පෙර වසර 32 ක කාලයක් පුද්ගලික අංශයේ සේවය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු ලෙස ජපානය සමග ව්‍යාපාරික සබඳතා සිදු කරන අතර ජපානය ආදර්ශයට ගනිමින් ශ්‍රී ලංකාවට දියුණුවේය හැකිය යන අදහස ශක්තිමත් කළ බව ද ද්විපාර්ශවික සබදතා ප්‍රවර්ධනය උදෙසා කරන ලද සේවයද 2001 වසරේ දී ශ්‍රී ලංකා ජපන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ස්ථාපනය කරන ලද අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එයට බැඳී පසුව 2002 සිට 2004 දක්වා එහි සභාපති වශයෙන් සේවය කිරීම ද එම ධූර කාලය තුළ ජපානය සමග පාර්ලිමේන්තු සබදතා ශක්තිමත් කළ බව ද මෙහිදී ජපන් රජය සඳහන් කර තිබෙනවා.