Saturday, September 21, 2024

General line - 0115112241

වැස්සත් සමග ඩෙංගු යළි හිස ඔසවයි




වැසි සමග ඩෙංගු රෝගය යළි පැතිරීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හතළිස් හතර දහස් අටසිය විසි දෙකක්.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, මහනුවර, කුරුණෑගල, රත්නපුරය, කෑගල්ල, යාපනය සහ මාතර යන දිස්ත‍්‍රික්කවලින්.

පවතින තත්ත්වය සලකා යළිත් වරක් දෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.

ඒ අනුව ලබන 10 සහ 11 යන දෙදින කොළඹ දිස්ත‍්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මෙම මදුරු මර්දන වැඩසටහන කි‍්‍රයාත්මක කරනු ඇති.