Saturday, September 21, 2024

General line - 0115112241

ගම්මන්පිල ජාතික නිදහස් පෙරමුණට පැමිණෙයි




ජාතික නිදහස් පෙරමුණ අද (08) සිය පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල ද එක්ව සිටියා.

ඒ අනුව විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල එක්ව මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුවා.

එහිදී ආබාධිත රණවිරුවන්ට පොලීසිය එල්ල කළ ප්‍රහාරය ශිෂ්ඨ සම්පන්න සමාජය පිළිනොගන්නා බවයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසුවේ.

යෝජිත ව්‍යවස්ථාවෙන් පළාත් සභා සවිමත් කිරීම යනු විග්නේශ්වරන් මහ ඇමතිතුමා සවිමත් කිරීමක් බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසුවා.

ඒ අනුව මෙම ව්‍යවස්ථා යෝජනාව ක්‍රියාත්මක කළොත් උතුරේ බිහි වෙන බියකරු චිත්‍රය තේරුම් ගැනීමට නම් පුංචි බලයක් ලැබුණු විග්නේශ්වරන්ගේ ක්‍රියා කලාපය දෙස බැලීම ප්‍රමාණවත් බවද මන්ත්‍රීවරයා කියා සිටියා.