Saturday, September 21, 2024

General line - 0115112241

“මම හිටියා නම් ජල ප්‍රහාර ගහන්න දෙන්නේ නැහැ” – ජනාධිපති




තමා ඊයේ (07) දිනයේ කොළඹ සිටියේ නම් ආබාධිත රණවිරුවන්ට ජල ප්‍රහාර එල්ල කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.

අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ පළමු ගුණසමරු උත්සවයට අද (08) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “මම හිටියා නම් ඒගොල්ලො ඔක්කොටම එන්න දෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයට. ඇවිල්ලා කරන දෙයක් කරලා යන්න කියලා.. මගේ ප්‍රතිපත්තිය නම් ඒකයි. ඉන්දියාවට කතා කරලා මට කිව්වා නම් මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවයි කියලා..මම ඒ තීරණය ක්‍රියාත්මක කරනවා. මම දන්න විදිහටනම් අතින් පයින් පහරදීලා නැහැ. බේරන්න බැරි තැන පොලිසියෙන් ජල ප්‍රහාර තමයි එල්ල කරලා තියෙන්නේ. මම හිටිය නම් ඒකත් කරන්න දෙන්නෙ නැහැ.” යනුවෙනි.