Saturday, September 21, 2024

General line - 0115112241

පොදුජන පෙරමුණෙන් ආණ්ඩුව පෙරලන හැටි බැසිල් කියයි




ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රචාරක රැස්වීමක් අද (08) අම්පාර නගරයේදී පැවැත්වුණා.

එහිදී අදහස් දැක් වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වත්මන් පාලනය පෙරලා දමන ආකාරය පිලිබඳව අදහස් පළ කළා.

එහිදී හෙතෙම සඳහන් කළේ “මේ ආණ්ඩුව කරන ජනතා ද්‍රෝහී ක්‍රියාවලට විරුද්ධ වී ඉන් පසුව ආණ්ඩුව වෙනස් කිරීමට අවශ්‍ය ජාතික බලවේගයක් ගොඩ නගන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා උගත් වියතුන්ගේ සහයෝගය අපි ලබා ගන්නවා. ඝෘජුව දේශපාලනයට එන්න අකමැති එහෙම වෙනස් කරන්න අවශ්‍යතාව ඇති පිරිසක් ඉන්නවා.” යනුවෙනි.