Saturday, September 21, 2024

General line - 0115112241

සිරිපා අඩවියේ හෝටලයකට සංචාරක මණ්ඩලයේ අනුමැතිය – සිරිපා සමයට දැඩි කොන්දේසි




2016 -2017 ශ්‍රී පාද වන්දනා සමයේදි වාර්ෂික සහ තාවකාලික බලපත‍්‍ර මත නල්ලතන්නියේ සිට ශ්‍රී පාද මළුව දක්වා පවත්වාගෙනයන සංචාරක හෝටල් වෙළඳසැල් සහ වෙහෙර විහාරස්ථානවලට දැඩි කොන්දේසි පැනවිමට තිරණයක් ගෙන තිබෙනවා. ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාතේ ප‍්‍රධාන සංඝනායක හා ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති අති පුජ්‍ය බෙංගමුවේ ධමිමදින්න මහා නායක හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (08) නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේදි ශ්‍රී පාද වන්දනා වාරය පිළිබද පැවති විශේෂ රැස්වීමේදි තිරණය කරනු ලැබුවා.

සෑම ශ්‍රී පාද වන්දනා වාරයකදිම නල්ලතන්නියේ සිට ශ්‍රී පාද මළුව දක්වා ලීයාපදිංචි නොකළ විහාරස්ථාන මුවාවෙන් ඇතැම් පිරිස් වන්දනාකරුවන්ට තුන්භිය ඇතිකර පිරිත්නුල් ගැට ගසා සමිමාදම් එකතු කිරිම සමිපුර්ණයෙන්ම තහනම් කිරිමට මෙම රැස්විෙමිදි තිරණය කරනු ලැබුවා.

සෑම වන්දනා වාරයකදිම මෙවැනි අකටයුතු සිදුවන බවට වන්දනාකරුවන් විසින් ශ්‍රී පාද ස්ථානාධිපති හිමියන්වෙත කළ පැමිණීලි ගණනාවක් මතයි මෙම තීරණය ගෙන ඇත්තේ. මෙවැනි සමිමාදමි එකතු කරන අය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනිමට පොලිසිය මගින් කටයුතු කිරිමටද මෙහිදි තිරණය කරනු ලැබුවා.

වාර්ෂීක බලපත‍්‍රයක් මත ගඟුලතැන්නේ පවත්වාගෙනයන පෞද්ගලික සංචාරහෝටලයක් සංචාරක මණ්ඩලයේ අනුමැතියද ලබාගෙන ඇතිබව මෙම විශේෂ රැස්විෙමිදි අනාවරණය වුණා.

මින් ඉදිරියට ශ්‍රීපාද මාර්ගයේ කිසිදු වෙහෙර විහාරස්ථානයක් තමන්ගේ අවසරයකින් තොරව ලියාපදිංචි කිරිමට නොහැකිබවට බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිවරයා විසින් චක‍්‍රලේඛයක් නිකුත්කර ඇතිබවටද ශ්‍රී පාස්ථානාධිපති හිමියන් කරුණු අනාවරණය කළා.