Saturday, September 21, 2024

General line - 0115112241

ඉන්දියාවේ මගුල් ගෙදරක යන්න ගම්මන්පිලට අවසර




පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිලට විදේශ ගත වීම සඳහා කොළඹ මහාධිකරණය අද (09) අවසර ලබාදුන්නා. එ් අනුව ලබන 21 වනදා සිට 24 වැනිදා තෙක් ඉන්දියාවේ මුම්බායි නුවර පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහභාගි වීම සඳහා අවසර ලබාදෙන ලෙසයි කොළඹ මහාධිකරණ විනිසුරු එ්.එ්.ආර් හෙයියන්තුඩුව නියෝග කළේ.

ඊට අමතරව දෙසැම්බර් මස 9 වැනිදා සිට 20 වැනිදා දක්වා ජපානයේ පැවැත්වෙන සමුළුවකට සහභාගිවීමටද මන්තී‍්‍රවරයාට මෙහිදී අවසර හිමිවුණා. ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් විකිණීමේදී රුපියල් මිලියන 21ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිලගේ විදේශ ගමන් තහනම් කිරීමට අධිකරණය මීට පෙර නියෝග කළා.