Saturday, September 21, 2024

General line - 0115112241

රටට අහිතකර ව්‍යවස්ථා කතාව පරාජිත දේශපාලඥයින් බලය ගන්න කියන මුසාවක්




රටට අහිතකර යෝජනා ඇතුළත් නව ව්‍යවස්ථාවක් ගෙන එ්මට සූදානම් වන බවට එ්කාබද්ධ විපක්ෂය එල්ල කරන චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන බව ආණ්ඩුව පවසනවා. ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පැවසුවේ යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ෆෙඩරල් රාජ්‍යයන් ඉක්මවා ගිය බලය බෙදීමකට වත්මන් ආණ්ඩුව උත්සහ දරමින් සිටින බවයි.

එම ප‍්‍රකාශ යළි බලය ලබා ගැනීමේ අරමුණින් පරාජිත දේශපාලනඥයන් සිදු කරන ප‍්‍රකාශ බවයි නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසන්නේ. තවම එවැනි කෙටුම්පතක් පාර්ලිමේන්තු නියෝජිතයින්ට හෝ ලබාදී නැති බව පෙන්වාදෙන ඔහු, නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට ජනමත විචාරණයකට යායුතු බව පෙන්වා දෙනවා.

ආණ්ඩුව ගෙන එන බෙදුම්වාදී යෝජනා පරාජය කිරීමට සියලූ පාර්ශ්ව සමග එක්ව කටයුතු කරන බවද පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිල සඳහන් කළා.

කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පෙන්වා දෙන්නේ රටට අහිතකර කිසිදු යෝජනාවක් ගෙන එ්මට වත්මන් ආණ්ඩුව කි‍්‍රයා නොකරන බවයි.