Saturday, September 21, 2024

General line - 0115112241

රාජපක්ෂලාට වාසි වෙන හැටි රාජිත කියයි




උතුරේ සිදු වූ කලහකාරී සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන්ම චෝදනාවට ලක්වන ආවා කල්ලිය සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න අද (09) නැවත වරක් අදහස් පල කළා.

ඒ, කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවති මාධ්‍ය හමුවේදීයි.

එහිදී “එනසැරේ ඡන්දෙ වෙනකොට උතුර නොසන්සුන් කරලා ඒකේ වාසිය ගන්න හදනවා. රාජපක්ෂලාට වාසි වෙන්නෙ උතුරේ ජන්ද ටික වැටුනෙ නැත්නම් තමයි.” යනුවෙන් සඳහන් කළා.

වසර 12 ක සේවා කාලයක් සම්පූර්ණ නොකළ ආබාධිත රණවිරුවන් විශ‍්‍රාම දීමනා ඉල්ලා සිටීම පිළිබඳව ද මෙහි දී ප‍්‍රශ්න කෙරුණා.

එහිදී හෙතෙම සඳහන් කළේ “ගෝඨාභය රාජපක්ෂ 2010 වසරේ දොට්ටදාපු මිනිස්සු 2015 වෙනකම් නිකන් හිටියා. ඒගොල්ලො ඉස්සෙල්ලා යන්න ඕනේ එතනටනේ. පස්සෙනෙ මෙතනට එන්න ඕනේ. එදා උපවාස බෑ.. යන්න කිව්වාම ගියා වන්දියක් අරගෙන. දැන් වන්දියයි විශ්‍රාම වැටුපයි දෙකම හම්බ වෙනවා නේ.” යනුවෙනි.