Saturday, September 21, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන ඇමති රාජිත කියන කතාව




ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු කළ ප්‍රකාශවලම රැඳී සිටියහොත් එය ලෝක සාමයට ඉතා වැදගත්වනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අද (09) කොළඹදී පැවැත්වූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසුවා.

ලෝකයේ ප්‍රශ්න විසඳීමට පෙර තමන්ගේ රටේ ප්‍රශ්න විසඳීමට අවශ්‍යයි යන මතය මෙන්ම රුසියාවේ ජනාධිපතිවරයා වන ව්ලැදිමීයර් පුටින්ගේ ක්‍රියා කාලපය නිවැරදියි යන මතයේ සිටින නව ඇමරිකානු ජනාධිපතිවරයා ඒ අනුව ක්‍රියාත්මක වුවහොත් එය ලෝක සාමයට ඉතා වැදගත්වනු ඇති බවත් සඳහන් කළේ.

එහිදී අමාත්‍ය රාජිත සේනාරත්න, “ඩොනල්ඩ් ට්‍රම්ප් මොකුත් කරන්න ඕනේ නැහැ.. මේ ලෝකෙට ඇඟිලි ගහන එක ටිකක් අඩු කළොත් ඒ ඇති” යැයිද කියා සිටියා.

ජාතිකවාදී මැතිවරණ ප්‍රචාරය ඔහුගේ ජයග්‍රහණයට හේතු වූ බවත් ශ්‍රී ලංකාවේ මැතිවරණ වලදී  දක්නට ලැබෙන්නේ ජාතිවාදය මිස ජාතිකවාදය නොවන බවත් සඳහන් කළා.

අගමැති රනිල් වික්‍රමසිංහ ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂය සමග කිට්ටු සබඳතාවක් ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.