Saturday, November 23, 2024

General line - 0115112241

ට්‍රම්ප් ජනපති ලෙස පිළිගන්න බැහැ ලු – අමෙරිකානුවන් වීදි බසී (VIDEO)




අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට විරෝධය පළ කරමින් සහ ජනාධිපතිවරයා ලෙස නොපිලිගනිමින් එරට ප‍්‍රධාන නගර කිහිපයක විරෝධතා ආරම්භ වී තිබෙනවා.

නිව්යෝර්ක් නුවර උද්ඝෝෂණවල යෙදෙන පිරිස් ට‍්‍රම්ප් කුළුණ සහ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ නිවස පිහිටි ප‍්‍රදේශය ද වටලා ඇති බවයි රොයිටර් පුවත් සේවය පවසන්නේ.

චිකාගෝහි උද්ඝෝෂකයින් ට‍්‍රම්ප් ජාත්‍යන්තර හෝටලය සහ කුළුණ වටලා තිබෙනවා. පොලිස් නිලධාරීන් ඇතැම් මාර්ග වසා දැමීමට ද කටයුතු කර ඇති බවයි රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් කියා සිටියේ.

බොස්ටන්, සීටල්, පෝට්ලන්ඞ් යන ප‍්‍රදේශවල ද උද්ඝෝෂණ පැවැත්වෙනවා. සෙන්ප‍්‍රැන්සිස්කෝ, ලොස්ඇන්ජලීස්, ඕක්ලන්ඞ් හා කැලිෆෝනියාහි දී උද්ඝෝෂණ සංවිධාන කර ඇති බවයි රොයිටර් පුවත් සේවය කියා සිටියේ.

‘‘ට‍්‍රම්ප් එපා’’  ‘‘අමෙරිකාව ජාතිවාදී නැහැ’’  ‘‘ ට‍්‍රම්ප් මගේ ජනපති නොවේ’’ වැනි වැකි උද්ඝෝෂකයින්ගේ ප‍්‍රධාන සටන්පාඨ වී තිබෙනවා.

මෙම විරෝධතා සඳහා එරට බහුතරයක් විශ්ව විද්‍යාල සිසුන් සහ පීඨාධිපතිවරුන් ද සහාය පළ කර තිබෙන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ප්‍රධාන නගරවල ඇති ඇතැම් විශ්ව විද්‍යාලවල විභාග පවා කල්දමා ඇති බවයි වාර්තා වෙන්නේ.

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව, ඩොනල්ඞ් ට‍්‍රම්ප් තමන්ගේ ජනාධිපතිවරයා නොවන බව, අමෙරිකාවට ජාතිවාදය අනවශ්‍ය බව උද්ඝෝෂකයින් හඬගමින් කියා සිටිනවා.

0f35531c-1b64-49ea-8995-2b9f34413bf1-mediumoriginalaspectdouble 51e6869e-66cf-4d3b-be7d-72525f2f3e1c-mediumoriginalaspectdouble 2382a10b-66fe-4fd8-b86a-5902b788d495-mediumoriginalaspectdouble 3000 3456 3500-1 3500 6905 df3e4cd7-e34d-4a41-9146-93d4c168b448-mediumoriginalaspectdouble