Friday, April 19, 2024

General line - 0115112241

නාගරික ජනතාවගෙන් 20%කට ඇති ලෙඩේ සෞඛ්‍ය අංශ හෙළි කරයි




නාගරික ප්‍රදේශවල ජනතාවගෙන් සියයට 20ක් වර්තමානය වන විට දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල පවසනවා.

ගම්බද ප්‍රදේශවලද දියවැඩියාවට ගොදුරුවීමේ ප්‍රවණතාව සියයට 08ක් පමණ වන අතර මේ වන විට දියවැඩියා රෝගය බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දියවැඩියාව හේතුවෙන් අක්ෂි රෝග ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව පෙන්වාදෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම තත්ත්වය තුළ අන්ධභාවය පවා ඇතිවිය හැකි බව සඳහන් කළා.

ලබන 14 වන දිනට යෙදී ඇති ලෝක අක්ෂි දිනය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මෙම අදහස් පළ කළා.