Tuesday, April 23, 2024

General line - 0115112241

අසාර්ථකම මහඇමති කවුදැයි ‘ජවිපෙ’ හෙළි කරයි




උතුරු පළාතේ අවුල් වියවුල් පවතී නම් පළමුවෙන් කළ යුත්තේ එහි ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන බිමල් රත්නායක පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ බි‍්‍රතාන්‍ය අමාත්‍යවරියක සමග කළ සාකච්ඡාවක දී, සී.වී. විග්නේෂ්වරන් කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් නෙත් එෆ්. එම්. බැලුම්ගල වැඩසටහනේ දී අද (10) කෙරුණු ප‍්‍රශ්න කිරීමකදීයි.

සී.වී. විග්නේෂ්වරන් යනු ශ‍්‍රී ලංකා ඉතිහාසයේ අසාර්ථකම මහාඇමතිවරයා බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.

ජාතිවාදය අවුළුවාලීමෙන් සිය දුර්වලතා යටපත් කර ගැනීමට සී.වී. විග්නේෂ්වරන් කටයුතු කරන බව ද බිමල් රත්නායක කියා සිටියා.

ශ‍්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව ද උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ප‍්‍රකාශ කර තිබුණා. එය ද ජාතිවාදය අවුළුවාලීමට ඔහු දැරූ තවත් උත්සහයක් බවටයි බිමල් රත්නායක මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ.