Wednesday, April 24, 2024

General line - 0115112241

උතුරේ සිංහල පාසල්වල ඉගැන්වීම් අඩාලයි ලු




උතුරු පළාත් සභාවට අයත් සිංහල පාසල්වල ගුරු හිඟය සම්බන්ධයෙන් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් නිහඬව සිටින බවට එහි විපක්ෂ මන්ත‍්‍රී වී. ජයතිලක චෝදනා කරනවා.

මෙම පාසල්වලට පැමිණෙන ගුරුවරුන් කෙටි කලකින්ම ස්ථාන මාරු ලබාගෙන පිටව යන බවයි ඔහු කියා සිටියේ.

ඉකුත් මාසයේ ද වව්නියාව දිස්ත‍්‍රික්කයේ පාසල්වලට පුහුණු ගුරුවරුන් 17 දෙනෙකු අලුතින් පැමිණ තිබෙනවා. එහෙත් ඔවුන්ගෙන් වැඩි පිරිසක් දැනටමත් ස්ථාන මාරු ලබාගෙන පිටව ගොස් ඇති බවයි මෙහි දී ප‍්‍රකාශ කෙරුණේ.

මධ්‍යම ආණ්ඩුව සමග සාකච්ඡා කර මීට විසඳුම් යොදන ලෙස තමන් ප‍්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව වී. ජයතිලක මන්ත‍්‍රීවරයා පවසනවා.

එහෙත් ප‍්‍රධාන අමාත්‍යවරයා කිසිඳු ප‍්‍රතිචාරයක් නොදක්වා නිහඬව සිටි බවයි ඔහු කියා සිටියේ. ගුරු හිගය නිසා උතුරු පළාත් සභාව යටතේ ඇති සිංහල පාසල්වල අධ්‍යයන කටයුතු මේ වනවිට අඩාල වී ඇතැයි ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.