Thursday, March 28, 2024

General line - 0115112241

මාර්ග අනතුරුවලින් දිනකට ලංකාවේ 07 දෙනෙක් මැරෙන හැටි මෙන්න




අනතුරු නිවාරණය ජාතික සතියක් අද (10) ප‍්‍රකාශයට පත් කෙරුණා.

ඒ, සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අංශය විසින්.

මෙම අනතුරු නිවාරණ ජාතික සතිය ලබන 15 වැනිදා ආරම්භ වනවා. අනතුරු නිවාරණය සඳහා ජනතාව දැනුවත් කිරීම එහි දී සිදු කිරීමට නියමිතයි.

විවිධ අනතුරු නිසා වාර්ෂිකව ශ‍්‍රී ලංකාවේ පුද්ගලයින් ලක්ෂ 10 කට පමණ රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීමට සිදුවනවා.

මාර්ග අනතුරු නිසා පමණක් ශ‍්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව දෙදහස් පන්සියයකට වැඩියි. එනම් ආසන්න වශයෙන් සෑම දිනකම පුද්ගලයින් හත් දෙනෙකු මාර්ග අනතුරු නිසා මිය යනවා.