Tuesday, April 16, 2024

General line - 0115112241

රංගනගෙන් තවත් වාර්තා ගොන්නක් බිහිවෙලා – විචාරකයන් එකින් එක පෙන්වයි




ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරගයත් සමග රංගන හේරත් තවත් වාර්තා කිහිපයක්  පිහිටුවනු ලැබූ බව ක්‍රිකට් විචාරකයන් මේ වන විට සඳහන් කර තිබෙනවා.

ටෙස්ට් ක්‍රීඩා කරන ඕනෑම රටකට එරෙහිව තරගයක දී කඩුලු 5ක් දවා ගත් ලොව තුන්වන ක්‍රීඩකයා ලෙස ඔහු මේ වන විට පත්ව සිටිනවා.

එමෙන්ම කඩුලු 5 බැගින් වැඩිම වාරයක් දවා ගත් ක්‍රීඩකයන් අතර හය වැනියා ලෙසත් ඔහුගේ නම වාර්තා පොත්වලට එක්ව තිබෙනවා.

එමෙන්ම රංගන හේරත් 2010 වසරේ ජුලි 01 වන දින මුරලිදරන් සමුගැනීමෙන් අනතුරුව ටෙස්ට් කඩුලු 272ක් ලබා ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.