Friday, October 18, 2024

General line - 0115112241

මැති ඇමතිලාට විදෙස් ගමන් තහනම් වෙයි!




2017 අයවැය දෙවනවර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී අද ආරම්භ කෙරෙනවා.

පෙරවරු 9.00ට කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම මේ මස 25 වෙනිදා දක්වා සිදුකරනු ඇති.

ඉන් අනතුරුව අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය ආරම්භ කිරීමට නියමිතයි. මෙම කාලසීමාවේදී ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ විදෙස් සංචාර සියල්ල අත්හිටුවීමට රජය තීරණය කර තිඛෙනවා.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සියලූ මන්ත්‍රීවරුන්ට ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇති බවයි.

හැකි සෑම අවස්ථාවකදීම අයවැය විවාදයට සහභාගි වන ලෙස ද ඔවුන්ට දැනුම් දීමක් සිදුකර තිඛෙනවා.

එමෙන්ම අයවැය විවාදයේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරුන්ට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ද වැඩි අවස්ථාවක් ලබාදීමටයි යෝජනා වී තිඛෙන්නේ.