Friday, April 19, 2024

General line - 0115112241

ට්‍රම්ප් කලින්ම ධවල මන්දිරයට එයි(PHOTOS)




ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා ලෙස පසුගියදා පැවති මැතිවරණයෙන් තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් හා බැරැක් ඔබාමා අතර හමුවක් ඊයෙ (10) ධවල මන්දිරයේදී පැවැත්වුණා.

විනාඩි 90 ආසන්න කාලයක් මොවුන් දෙදෙනා සාකච්ඡා කළහ.

පසුව ට්‍රම්ප් යුවළ ධවල මන්දිරය පුරා ඇවිදිමින් එහි තොරතුරු විමසා සිටි අතර සම්ප්‍රදායනූකූලව ධවල මන්දිර නිළධාරීන් ට්‍රම්ප් ජනාධිපතිවරයාට මන්දිරයේ බොහෝ තැන් පෙන්වමින් ගමන් කළ අයුරු දැකගත හැකි වුණා.

මෙම හමුවෙන් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම ඔස්සේ පවසා තිබුණේ ඔවුන් දෙදෙනා අතර ඉතා හොඳ හමුවක් පැවති බවයි.

බැරැක් ඔබාමාද මෙම හමුව සම්බන්ධයෙන් අදහස් පළකර තිබූ අතර ඔහු පවසා තිබුනේ තමා ඉදිරියේදී ට්‍රම්ප් සමග කටයුතු කිරීමට සූදානම් බවයි.

3a3eaceb00000578-3922932-image-a-133_1478806448522 3a3e5d7c00000578-3922932-image-a-105_1478802237346 3a3e45b400000578-3922932-image-a-72_1478800022961 3a3e483e00000578-3922932-image-a-84_1478800262978 3a3e632600000578-3922932-image-a-104_1478802220845 3a3e654000000578-3922932-image-a-107_1478802465716 3a3ea72000000578-3922932-image-a-136_1478806489073 3a3eab5700000578-3922932-image-a-134_1478806455130 3a3eaca800000578-3922932-image-a-140_1478806503463