Saturday, September 21, 2024

General line - 0115112241

2500 පොලිස් දඩය නිසා රට පුරාම බස් නවතී




මාර්ග නීති උල්ලංඝනය කිරීමේදී අය කෙරන අවම දඩ මුදල රුපියල් 2500ක් දක්වා වැඩි කිරීමට විරෝධය පළ කරමින් දිවයිනපුරා වැඩවර්ජනයක් ආරම්භ කිරීමට පෞද්ගලික බස් සංගම් සූදානම් වනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මෙන්ම සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය ද ප්‍රකාශ කළේ අදාළ යෝජනාව ලබන බදාදාට පෙර වෙනස් නොකළහොත් දිවයිනපුරා සියලූ බස් රථ වැඩවර්ජනයකට එක්කරගන්නා බවයි.

අදාළ යෝජනාව ලබන බදාදාට පෙර අනිවාර්යයෙන් ඉවත් කළ යුතු බවයි සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ සභාපති අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළේ.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයෙන් ද විමසීමක් කළා. ඔවුන් පැවසුවේ මෙම සතිඅන්තයේදී අදාළ යෝජනාව සම්බන්ධයෙන් තම සංගමය රැස්වී සාකච්ඡාවක් සිදුකරන බවයි.