Saturday, September 21, 2024

General line - 0115112241

ජොන්ස්ටන්ට අධිකරණයෙන් සහනයක්




හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදෙස්ගත වීම සඳහා අධිකරණය අද අවසර ලබාදුන්නා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ප්‍රකාශ කළේ දින 4ක කාලයක් සඳහා විදෙස්ගත වීමට හිටපු අමාත්‍යවරයාට අවසර ලබාදෙන බවයි.

තම බිරිඳට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුවේ රෝහලකට යාමට අවශ්‍ය බව පවසමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

ඒ අනුව නොවැම්බර් 14 වෙනිදා සිට 18 වෙනිදා දක්වා වූ කාලසීමාව තුළ ඔහුට සිංගප්පූරුවට යාමට අවසර ලබාදෙන බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ.

අධිකරණය භාරයේ තිඛෙන ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය තාවකාලිකව මුදාහැරීමට ද නියෝග කෙරුණා.