Saturday, September 21, 2024

General line - 0115112241

අයවැයෙන් දීපු සහනය අසහනයක් වූ හැටි මහින්ද කියයි




මෙවර අයවැය සකස් කර ඇත්තේ කිසිදා කුස්සියක් දැක නොමැති කුස්සියේ අමාරුව නොදැනෙන පිරිසක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතා එම අදහස් පල කළේ අලුත්ගම ප‍්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ (12) පැවති උත්සවයකදීයි.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “අයවැයේ බර දැන් දැනෙන්න පටන් ගන්නවා. සමහර භාණ්ඩ රුපියල් දෙකකින් වගේ අඩු කරලා තියෙනවා. හාල්මැස්සෝ වගේ ජනතාව පරිභෝජනයට ගේන්නේ කිලෝ ගනන්වලින්නේ… ග්‍රෑම් සීයක් දෙසීයක් එහෙම නෙමෙයි… ඇත්තටම මේවා ගමේ මිනිස්සුන්ට කියනකොට ඒ අය හිනා වෙනවා. කුස්සියක් දැකපු නැති උදවිය මේ විදිහට ජනතාව පීඩනයට පත් කරනවා.” යනුවෙනි.