Saturday, September 21, 2024

General line - 0115112241

“යහපාලනය පෝෂණය කරන්න පිරිසක් එනවා” – රාජිත




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය නම ආරක්ෂා කරගනිමින් නිවසට වී සිටින්නැයි අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවා.

අයවැය දෙවන වර කියවීමේ විවාදය ඊයේ (12) පාර්ලිමේන්තුවේ දී පැවැති අතර එහිදී හෙතෙම මේ බව සඳහන් කළා.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “අලුත් අවුරුද්දට කට්ටියක් මේ පැත්තට එනවා යහපාලනය පෝෂණය කරන්න. මේක ඉවර වෙන්නෙ 2020 වෙනකොට. ඒක මතක තියාගන්න..ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාටත් මං කියනවා..බොරුවට නිකං රස්තියාදු වෙන්න එපා. තමන්ගෙ නම ආරක්ෂා කරගෙන ගෙදරට වෙලා ඉන්න. යහපාලනය කියන්නෙ මේ රට කාපු හොරුන්ට, මිනීමරුවන්ට, තක්තඩින්ට ලබාදෙන ජනවරමක් නෙමෙයි. අපි ජනතාවට යහපාලනයත් අරගොල්ලන්ට යමපාලනයත් ලබා දෙනවයි කියන එක මතක තියා ගන්න.” යනුවෙනි.