Saturday, April 20, 2024

General line - 0115112241

නවසීලන්තයේ භූ කම්පනයෙන් දෙදෙනෙක් මරුට




නවසීලන්තයේ දකුණු දිග දූපත් ආශ‍්‍රිතව හටගත් භූ කම්පනයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

භූ කම්පනයෙන් පැය දෙකකට පසු එරට ඊසාන දිග මුහුදු තීරයේ සුනාමි තත්වයක් ද හට ගැණුනා. ඒ පිළිබඳ බලධාරීන් විසින් සිදු කළ පූර්ව දැනුම් දීම් හේතුවෙන් ජනතාව ප‍්‍රදේශය අතහැර ගොස් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ක‍්‍රයිස්චර්ච් ප‍්‍රදේශයේ උතුරුදිග වෙරළාශ‍්‍රිත කලාපයට අඩි අටක් පමණ උස සුනාමි රළ පැමිණ ඇති බව ද එහි සඳහන්.

මේ වනවිට නවසීලන්තයේ ඊසාන දිග කලාපයේ විදුලිබලය සහ දුරකතන සබඳතා සම්පූර්ණයෙන්ම බිඳවැටී තිබෙනවා. පාසල් සහ සියලු කාර්යාල ද වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

දුම්රිය සහ බෝට්ටු සේවා ද සම්පූර්ණයෙන්ම නතර කෙරුණා. රික්ටර් මාපාංක ඒකක 7.8 ක ප‍්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය නවසීලන්තයේ බොහෝ ප‍්‍රදේශවලට දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 2011 වසරේ ද නවසීලන්තයේ හටගත් භූ කම්පනයකින් පුද්ගලයින් 185 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

_92422394_d69d5a44-0338-47cd-ad34-eb7c4b94dbe8 _92424420_crackedroad