Thursday, April 25, 2024

General line - 0115112241

සුපිරි සඳ ලෝකයම බලපු හැටි (VIDEO)




ඉල් පුර පසළොස්වක පොහොය යෙදුණු ඊයේ (14) දිනයේදී පෘථිවි වාසීන්ට සුපිරි සඳක් දැකගැනීමට අවස්ථාව උදාවුණා.

වසර 68 කට පසු පෘථිවි වාසීන්ට උදාවූ මෙම අවස්ථාවේදී චන්ද්‍රයා 14% ක ප්‍රමාණයකින් විශාලව දිස්වූ අතර 30% ක ප්‍රමාණයකින් දීප්තිය වැඩිවී දැකගත හැකි වුණා.

මේ දුර්ලභ අවස්ථාව දැකගැනීම සඳහා ලෝකය පුරා ජනතාව සැදී පැහැදී සිටි අතර, ඔවුන් වෙරළ තීරවල, උස් ගොඩනැගිලිවල සිට එය නැරඹූ බවයි විදෙස් වාර්තා පවසන්නේ.

පෘථිවිය සහ චන්ද්‍රයා අතර සාමාන්‍ය දුර කි.මී 384,400 පමණ වුවත්, ඊයේ (14දා) ග්‍රිනීච් වේලාවෙන් 11.21 පමණ වනවිට චන්ද්‍රයා හා පෘථිවිය අතර දුර කි.මී 356,509ක් තරම් ආසන්නව පැවැතියා.