ලැව්ගිනි හේතුවෙන් අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් සහ අවට ප්‍රදේශවල රාත්‍රී කාලයේ ඇදිරි නීතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
නිවාස අතහැර ගොස් ඇති ජනතාවගේ දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් වාර්තා වීමත් සමඟ එම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ලැව්ගිනි හේතුවෙන් නිවාස ඇතුළු ගොඩනැගිලි 10,000 කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
මේ වන විට වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 11ක්. එක් ලක්ෂ 80,000 කට වැඩි පිරිසක් ආරක්ෂක ස්ථාන කරා යොමු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර කළා.
මේ අතර ලැව්ගින්න හේතුවෙන් අමෙරිකාවේ රංගන ශිල්පියෙකු මෙන්ම ඔස්කාර් සම්මානලාභී ඇන්තනී හොප්කින්ස්ගේ නිවස ද විනාශ වී ඇතැයි සඳහන්.
අමෙරිකාවේ හටගත් මෙම ලැව්ගින්න මෙතෙක් පාලනය කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.