Friday, April 26, 2024

General line - 0115112241

මෝදි මාධ්‍යට අනතුරු අඟවයි




ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට මාධ්‍ය ආයතනවලට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ඒ, අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට සීමාවක් පවතින බව පෙන්වා දෙමින්.

මෙම සීමාව උපමාවකින් විස්තර කරමින් නරේන්ද්‍ර මෝදි පවසන්නේ මවක් සිය දරුවන්ට පමණ ඉක්මවා ආහාර ගැනීමට ඉඩ ලබා නොදෙන බවයි. එලෙසින්ම අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සීමාව ඉක්මවා භාවිත කිරීමට ද ඉඩ ලබා නොදිය යුතු බවයි ඔහු අවධාරණය කළේ.

එන්.ඞී.ටීවී නාලිකාවේ විකාශන කටයුතු පැය 24ක් අත්හිටුවීමට ඉන්දීය බලධාරීන් ඉකුත් දා කටයුතු කළා. ජනවාරි මස සිදුවූ සන්නද්ධ ප‍්‍රහාරයක් සම්බන්ධයෙන් පළ කළ ප‍්‍රවෘත්තියකට අදාළව එන්.ඞී.ටීවී නාලිකාවකට මෙම තහනම පනවනු ලැබුවා.

අදාළ පුවත මගින් ජාතික ආරක්ෂාව අනතුරට ලක්වන බව ඉන්දීය බලධාරීන්ගේ තර්කය වුණා.  කෙසේවෙතත් මෙම චෝදනා අදාළ රූපවාහිනී නාලිකාව මගින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.