Friday, April 19, 2024

General line - 0115112241

මැලේසියානු අගමැතිට එරෙහිව උද්ඝෝෂණ රැල්ලක්




අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් මැලේසියාවේ උද්ඝෝෂණ ආරම්භ වී තිබෙනවා.

නජීබ් රසාක් අග‍්‍රාමාත්‍ය ධුරයේ සිටිය දී මූල්‍ය වංචා සහ දූෂණ සිදුකර ඇති බවයි උද්ඝෝෂකයින් පවසන්නේ.

බෙර ගසමින්, ගායනා කරමින් සහ සටන්පාඨ කියමින් උද්ඝෝෂකයින් වීථිවල ගමන් කරන බව බී බී සී ලෝක සේවය කියා සිටියා.

මෙම උද්ඝෝෂකයින් විසුරුවා හැරීම සඳහා පොලිසිය මාර්ග බාධක යොදා තිබෙනවා. එහෙත් ඒවා ද පෙරළා දමමින් උද්ඝෝෂකයින් පෙරට ගමන් කරන බවයි බී බී සී ලෝක සේවය වැඩිදුරටත් පැවසුවේ.

උද්ඝෝෂකයින් කිහිප දෙනෙකු සහ විරුද්ධ පක්ෂවල දේශපාලන ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මානව හිමිකම් සංවිධාන පවසන්නේ උද්ඝෝෂකයින් බිය ගැන්වීමට අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක් උත්සහ දරමින් සිටින බවයි.

කෙසේ වෙතත් තමන්ට එරෙහි සියලු චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක් කියා සිටියා.

3500-1 3500 5472