Tuesday, April 23, 2024

General line - 0115112241

ඇඟලුම් අලෙවිසැලේ ගින්නට හේතුව විදුලි කාන්දුවක්දැයි සැකයක්




බොරලැස්ගමුව පැපිලියාන ඇඟලුම් අලෙවිසැලක ගබඩාවක හටගත් ගින්න සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරුවරයාගේ හා රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තා පොලිසියට අද ලැබීමට නියමිතයි.

දැනට සිදු කෙරන මූලික පරීක්ෂණවල දී සැක පල වී ඇත්තේ විදුලි කාන්දුවකින් ගින්න හටගන්නට ඇති බවටයි.

ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින්. ගින්න ඇතිවීමට හේතුව සොයා බැලීම සඳහා ඉහළ තාක්ෂණික ක‍්‍රමවේද උපයෝගී කර ගන්නා බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

පරීක්ෂණ සඳහා කම්හල් පරිශ‍්‍රයෙන් ලබාගත් සී.සී.ටී.වී දර්ශනද උපයෝගී කර ගැණුනා.

15094877_10211222214093453_7308411791731740364_n 15170873_724700551016433_5767663916115959196_n 15178099_10211222212893423_7094453109070902581_n cxpafdyweaa4b6n img_2423-768x576