Thursday, April 18, 2024

General line - 0115112241

සඳුන් දැවයෙන් තැනූ විශේෂ පෙට්ටියක ජයලලිතාගේ දේහය මිහිදන් කළේ ඇයි?




තමිල්නාඩු හිටපු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් වෙනුවෙන් තවදුරටත් තමිල්නාඩු ප‍්‍රාන්තයේ විශේෂ සැමරුම් සිදු කෙරෙමින් පවතිනවා.

ඇගේ දේහය පිළිබඳ භූමිදාන කටයුතු ඊයේ (06) පස්වරුවේ සිදු කෙරුණේ චෙන්නායි නුවර මරීනා වෙරළ තීරය ආසන්නයේයි.

ඇයගේ දේහය තැන්පත් කර තිබූණේ සඳුන් දැවයෙන් තනන ලද විශේෂ පෙට්ටියකයි.

ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ සාමාන්‍ය සම්ප්‍රදාය දේහය ආදාහනය කර එහි අළු තැන්පත් කිරීම හෝ ගඟක පා කර හැරීම සිදු විය යුතු බවයි. එහෙත් ජයලලිතාගේ දේහය මිහිදන් කෙරුණේ ඇයගේ අවසන් කැමැත්ත අනුවද යන්න මේ වන විට දැඩි කතාබහකට නතුව තිබෙනවා.

ජයලලිතා විසින් මීට කාලයකට පෙර ඇයගේ දේහය මිහිදන් කිරීම සම්බන්ධයෙන් ඇති ඉඩකඩ පිළිබඳව සොයා බලා ඇති බවද මේ වන විට අනාවරණය වී තිබෙනවා.

ඇයගේ දේහය භූමිදාන කිරීමේ අවස්ථාවට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියා. ඊයේ දිනය පුරා තමිල්නාඩුවේ බොහෝ ප‍්‍රදේශ පාළු ස්වභාවයක් ගෙන තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

සියලු පාසල්, කඩසාප්පු, වසා දමා තිබු අතර, බොහෝ රාජ්‍ය ආයතනද වසා දමා තිබෙනුද දක්නට ලැබුණා. තමිල්නාඩු ප‍්‍රාන්තය පුරා තවදුරටත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මකයි. ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ බොහෝ පිරිසක් තවමත් හඬා වැළපෙමින් ප්‍රධාන මාර්ගවල රැඳී සිටින බවයි.

ජයලලිතා ජයරාම් වෙනුවෙන් දින හතක ශෝක කාලයක්ද තමිල්නාඩු ප‍්‍රාන්ත බලධාරීන් විසින් ප‍්‍රකාශයට පත්කරනු ලැබුවා.

15355732_1265453740160165_8167523205413185895_n 20161206-vbk-burial-mvedhan th07_jaya_page_1czapewtvqaezbfp jayalalithaa-1 jayalalithaa